උතුරු මුහුදේ මසුන් ඇල්ලූ 8ක් අත්අඩංගුවට


රොමේෂ් මධුෂංඛ

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඩෙල්ෆ් මුහුදු තීරයේ දී මෙම ඉන්දීය ධීවරයින් පිරිස විසින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා මුර සංචාරක රථයකට නිරීක්ෂණය වීමෙන් පසුව ධීවර පරික්ෂක කාර්යාලයට බාරදුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් පිරිස පවසා ඇත්තේ තම යාත්‍රාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් අතරමංව උතුරු මුහුදු කලාපයට පාව ආ බවය.

එහිදී ඉන්දීය ධීවරයින් නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගෙන යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබේ.