(නිමල් ජයරත්න)
උතුරු මැද පළාතේ ප්‍රවාහන අධිකාරියට මෙතෙක් පවරා නොමැති සියලු බස් නැවතුම් පොළවල් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පවරා ගනිමින්, රියදුරන්ට සහ මගී ජනතාවට සුදුසු ස්ථාන ලෙස ඒවා අලුත්වැඩියා කිරීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මහතා අද(23) පැවසීය.
අබලන්ව පවතින අරලගංවිල ප්‍රධාන බස් නැවතුම් පොළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සහ එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කරමින් නිලන්ත ඒකනායක මහතා ඒ බව සඳහන් කළේය.
හිගුරක්ගොඩෙ, මින්නේරිය, මැදිරිගිරිය, අරලගංවිල, සිරිපුර යන නගර වල ඉදිකර ඇති බස් නැවතුම් පොළවල් සහ වැසිකිලි පද්ධති රියදුරන්ට මෙන්ම මගී ජනතාවට නුසුදුසු අයුරින් ඉදිකර ඇති නිසා එම ස්ථාන තම ප්‍රවාහන අධිකාරියට වහාම පවරා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් කටයුතු කර ඇතැයිද, එබැවින් එම සියලු බස් නැවතුම් පොළවල් අලුත්වැඩියා කිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවච ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව අරලගංවිල ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඒ පරිශ්‍රය අලුත්වැඩියා කරමින් ඉතා කඩිනමින් විධිමත් බස් නැවතුම්පොළක් බවට පත් කරන බවත් සුදු අලියෙක් බවට පත්ව ඇති කෝටි ගාණක් වැයකර සිරිපුර නගරයේ ඉදිකර තිබෙන බස් නැවතුම් පොළද නවීකරණය කරන බවද ඒකනායක මහතා කීය.