(රොමේෂ් මධුෂංඛ)
මෙවර මහකන්නයේ වී අස්වැන්න උතුරු නැගෙනහිර පළාතේ සියලුම ගොවීන්ගේ වී රජය විසින් මිලදී ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවට ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් අමාත්‍ය වරයා අද (29) කියා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව වේප්පම්කුලම් රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ දී වව්නියාවේ වී අස්වැන්න නිල වශයෙන් මිලදී ගැනීමේ ආරම්භක උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
උතුරු නැගෙනහිර පළාත්වල මෙවර මහකන්නයේ වී මිලදී ගැනීම අපි රජයක් වශයෙන් ආරම්භ කරල තියන්නේ අපේ රජය විසින් ගොවීනගේ ආරක්ෂාව වෙනුවෙන් වගේම ඔවුන්ගේ වී වෙනුවෙන් පාලන මිලකුත් ලබාදීමට පියවර ගෙන තියෙනවා. අගමැතිතුමා උපදෙස් පරදි දැන් උතුරු නැගෙනහිර වී මිලදී ගැනීම ආරම්භ කලා මේ අනුව ගොවීන්ගෙන් නාඩු කිලෝවක් රුපියල් 38 වශයෙනුත් සම්බා කිලෝවක් රුපියල් 41 ක මිලකටත් මිලදී ගැනීමට රජය විසින් තීරණය කරල තියෙන්නේ
පසුගිය කාලයේ කාලගුණික විපර්යාසයන් නිසා ගොවීන්ගේ වී අස්වැන්න අඩුවුණා. නමුත් අපි දැන් ගොවීන්ගෙන් ගන්නා වී වෙනුවෙන් මුදල් සතියක් දෙකක් වගේ කාලයක් අතරතුර මුදල් ලබා දීමටත් පියවර අරන් තියනවා ඒ වගේම එක් ගොවියකුගෙන් අප වී කිලෝ 2000 ක් මිලදී ගැනීමටත් පියවර අරන් තියනවා යැයි ඇමැතිවරයා කීවේය.