උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයෙක් හදිසියේම මරුට


( දියතලාව - ඩී.කේ.රත්න )
දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙඩෙට් නිලධාරීන් විසිර යාමේ උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයෙකු අද (15) හදිසියේම මියගොස්  ඇතයි දියතලාව පොලීසිය පවසයි.

ගෝනවල මදුරුගමුව පදිංචි එස්.ඩී.සුනිල් අබේකෝන් නැමති පනස් අට හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇත. දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි  දියතලාව පොලීසියේ නිළධාරීහු පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.