උත්සව සමයේ බීමතින් රිය පැදවූ 35කට නඩු


(රේඛා තරංගනී ෆොන්සේකා)

පසුගිය 25වැනිදායින් ඇරඹි උත්සව සමයේ පිළියන්දල ප්‍රදේශයේ බිමතින් රිය පැදවු රියදුරන් 35කට නඩු පවරා මාර්ග නීති කඩ කළ රියදුරන් 100කට ආසන්න සංඛ්‍යාවකට දඩකොළ නිකුත් කළ බව පොලිසිය කියයි.

බිමතින් රිය ධාවනය මාර්ග අනතුරැ රැසකට අත වනන බව සඳහන් කරන පොලිසිය එවැනි රියදුරන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය.

උත්සව සමයේදී මාරක රිය අනතුරු දෙකක්, බරපතල රිය අනතුරු පහක් සහ සාමාන්‍ය රිය අනතුරු හතක් වාර්තා වන බව සඳහන් කරන පොලීසිය රථ වාහන තදබදය අවම කිරීම හා මාර්ග නීති කඩ කරන්නන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද යොදවා ඇති බව පැවසීය.