හල්දුම්මුල්ල බදුලුදෙන ගම්මානයේ උණ රෝගයක් පැතිරෙන බවත් එම ගම්මානයේ වෙසෙන සෑම පවුලකම එක් අයෙකුට හෝ උණ රෝගය වැළඳී ඇති බවත් හල්දුම්මුල්ල රෝහල් අධිකාරීහු පවසති.
එම ගම්මානයේ පවුල් 14 ක් වෙසෙන අතර රෝගීන් බලංගොඩ හා හල්දුම්මුල්ල රෝහල් වලට ඇතුළත් කර ඇත.
ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් 15 ක දුරින් පිහිටි එම දුෂ්කර ගම්මානයට වෛද්‍යවරු කණ්ඩායමක් යැවීමට කටයුතු කරමින් සිටින බව ද හල්දුම්මුල්ල රෝහල කියයි.