චමිල් රූපසිංහ
උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගාමිණි තෙන්නකෝන් මහතා අද (10) තේරී පත්වූ අතර උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එස් එම් එස් එම් සෆ්වාන් මහතා තේරී පත්විය.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම උඩුනුවර ප්‍රාදේශය සභා ශාලාවේදී අද (10) පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
උඩුනුවර ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යෑම සඳහා හිටපු සභාපති වරයා කටයුතු කළ බව කියමින් ප්‍රාදේශීය සභාවට තේරී පත්වු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධය දැක්වුහ.
2006 වසරේ සිට සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත් අතර මෙවර සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.
උඩුනුවර බලය එජාපයට
Recommended Articles