උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ



රන්න චන්ද්‍ර සේන ගමගේ
 
උඩවලව ජලාශයේ ජල පරිමාව ඉහළ යාම හේතුවෙන් අද (23) අලුයම් එහි වාන් දොරටු 05ක් විවෘත කළ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක (ජලාශ) හා උඩවලව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසීය.

මේ හේතුවෙන් වලවේ ගඟට ක්ෂණික ජල ප්‍රමාණයක් මුදා හැරීමට සිදු වූ බවත්, වාන් දොරටු 5 ක් විවෘත කිරීමත් සමඟ තත්පරයකට ජලය ඝණ අඩි 20,000 ක් වලවේ ගඟට මුදා හළ බවත් ගුණසේකර මහතා පැවසීය.

මේ වන විට උඩවලව ජලාශයේ ජල පරිමාව පාලනය කර ඇති බව සඳහන් කළ කාර්යභාර ඉංජිනේරුවරයා උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් පමණක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවයි. 

විවෘත කොට ඇති වාන් දොරටු 03 න් තත්පරයකට ජලය ඝන අඩි 12,300ක් වලවේ ගඟට මුදා හරින බවත් ඔහු පැවසීය.
උඩවලව ජලාශයේ රදවා තබා ගත හැකි ජල ප්‍රමාණය ජලය අක්කර අඩි 21,7000 ක් බවත් මේ වන විට ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 21,900ක්  බවත් සුජීව ගුණසේකර මහතා පැවසීය.