උඩරට මැණිකේ දුම්රියේ හැපුණු අයෙක් රෝහලේ


( රංජිත් රාජපක්ෂ)                        
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටුණු අයෙකු අද (25) බරපතල ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.


උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට නුදුරු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු දුම්රිය ආරක්ෂිත ගේට්ටුව අසලදි මෙම පුද්ගලයා දුම්රියේ ගැටි ඇත.


දුම්රියේ ගැටිමෙන් තුවාල ලැබු පුද්ගලයා එම දුම්රියේ ආරක්ෂිත නිලධාරින් විසින්  එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානයට රැගෙන ගොස් භාර දි තිබේ.
දුම්රියේ ගැටි තුවාල ලැබු පුද්ගලයා පිළිබදව තොරතුර අනාවරණය වි නොමැත.


අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබු ඔහු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර,ඔහුගේ තත්ත්වය බරපතල නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.