රංජිත් රාජපක්ෂ
සේවා දුම්රියක් පිලී පැනීමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) පස්වරුවේ සිට යළි යථාතත්ත්වයට පත්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දොඹකරය සහිත ටොන් 128 බර ඇති සේවා දුම්රියක් නානුඔය සහ රදැල්ල දුම්ර්ය ස්ථාන දෙක අතර 15 වෙනි සැතපුම් කණුව අසලදී අද උදැසන 6.30 ට පමණ පිලීපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනා කටයුතු පැය 6 කට ආසන්න කාලයක් ඇණ හිට තිබිණි.
පිලී පැන තිබු දොඹකර සහිත සේවා දුම්රිය පිලිගත් කිරිමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පැමිණේ.
පිලීපැනිම හේතුවෙන් බදුලලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් නානුඔය දුම්රිය ස්ථායෙත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය සහ මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය දෙක හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්වන තෙක් නතර කර තිබිණි.