උකුවෙල ප්‍රා.සභාවේ කළුපටි විරෝධයක්



 
(මහේෂ් කිර්තිරත්න)         


පළාත් පාලන මැතිවරණය ක්‍රමයට විරෝධය පළ කරමින් කළු පටි පැළද , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරු පිරිසක් අද (24) උකුවෙල ප්‍රාදේශීය සභා මංගල රැස්විමේ දි විරෝධතාවය පළ කළහ.

උකුවෙල ප්‍රාදේශිය සභා මංගල රැස්විම සභාපති එ.ජ.නි.ස ඩි.ඩබ්.එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

මෙහිදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කණ්ඩායම් නායක හිටපු සභාපති සමන්ත ධර්මසේන ,ලංකා ගමගේ ,පි.පි.ජි මේරිනෝනා,ජයම්පති ඇටිපොල යන මන්ත්‍රිවරුන් පමණක් කළුපටි පැළද සිටි අතර අනෙකුත් මන්ත්‍රිවරුන් හත්දෙනා කළු පටි පැළද සිටියේ නැත.