(රංජිත් රාජපක්ෂ)
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පවසති.
තවදුරටත් එම ජල පෝෂණ ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළීන් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින එම ජලාශ භාර ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.
මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ වරින් වර මතු වන ඝන මිදුම් තත්ත්වයක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ තිබුණි.එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.