ඉරණවිල හමුදා කොප්‍රල්ව කිඹූලෙක් හපා කාලා



           
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත ඉරණවිල ප්‍රදේශයේ රජයේ ඉඩමක ආරක්ෂාවට යොදවා සිටි යූද හමුදා කොප්‍රල්වරයකු ඊයේ (21) සවස කිඹුලෙක් හපා කා හලාවත මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.

මෙසේ කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආර්.ඒ. ලියනපතිරණ ( 37 ) නැමති යුද හමුදා කොප්‍රල්වරයකි. මොහු කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරණවිල ප්‍රදේශයේ පිහිටි පැරණි ඇමරිකන් හඩ ගුවන් විදුලි මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා  රාජකාරි කටයුතු වල යොදවා සිටියදි බව කියයි.

කිඹුල් ප්‍රහාරය සිදුව ඇත්තේ අදාල ඉරණවිල  රජයේ ඉඩමට යාබදව තිබු ස්ථානයකදි වන අතර කොප්‍රල්වරයා කිඹුලාගේ ප්‍රහාරයට ලක්ව දැඩි පරිශ්‍රමයකින් යුතුව දිවි බේරා ගෙන ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.