ඉරණවිල දරුවා අපයෝජන කර ඝාතනය කරලා



 
ජුඩ් සමන්ත
 
හලාවත - ඉරණවිල, සමිදුගම අක්කර 40 පදිංචිව සිටි ජේ.පී.සුසිත් නිර්මාල් (අවු:10) නම්වූ පාසල් සිසුවා ඝාතනය කිරීමට පෙර ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බවත්, දරුවාගේ හිසට සිදුවී ඇති බරපතල හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

හලාවත මහා රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් අද (28) දහවල් හලාවත මහා රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.

පසුගිය 25 වැනි දා තම නිවසින් අතුරුදන් වී සිටි හලාවත - ඉරණවිල පදිංචි සුසිත් නිර්මාල් දරුවාගේ මළ සිරුර 27 වැනි දා පෙරවරුවේ සොයා ගන්නා ලදී.

දරුවා ඝාතනය කිරීමට පෙර බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විමර්ශන කටයුතු කරගෙන යයි.