ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කරයි


(ප‍්‍රදීප් කුමාර)

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් හය බැගින් විවෘත කිරීම නිසාවෙන් ජලාශයට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරි ඉංජිනේරුවරුන් අනතුරු අඟවා තිබේ.

මේ වන විට කිලිනොච්චිය ඉරණමඩුව ජලාශයට අඩි 319 ක ජල ධාරිතාවක් ලැබී ඇති බවට වාරි ඉංජිනේරුවරුන් පවසයි.

කිලිනොච්චිය ජලාශය පිටාර ගැලීමට අඩි 36 ක ජල ධාරිතාවයක් අවශ්‍ය වන අතර ජාලාශයට අඩි 32 ක ජල ධාරිතාවයක් ලැබුණු පසු එහි වාන් දොරටු විවෘත කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබයි.

මේ වන විට වාන් දොරටු දෙකක් පමණක් විවෘත කර ඇති අතර ඉදිරියේ දී ජලය තවදුරටත් ලැබෙමින් පවතින බැවින් තවත් වාන් දොරටුවක් විවෘත කිරීමට සිදු වනු ඇති බවට වාරිඉංජිනේරුවරු පවසති.