( සිතුම් චතුරංග)
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටු 8 ක් (09) අගල් හතර බැගින් විවෘත කළ බව කිලිනොච්චිය දිස්ත‍්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.
ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 36. 5 දක්වා ඉහළයෑම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කළ බව එම කාර්යාලය සඳහන් කරයි.
ජලය සිඳී ගොස් තිබූ ඉරණමඩු ජලාශය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අක්කර 21000 භූමි ප‍්‍රමාණයකට පුළුල්වූ අතර පසුගිය දින කිහිපයේ ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් පිරීඉතිරී ගිය බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරති.
ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම තුළින් මෙතෙක් කිසිවෙකුට ආපදා තත්වයක් නොමැති බවත් කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
පසුගියදා ( 07) වැනිදා ජනාධිපතිවරයා විසින් ඉරණමඩු ජලාශය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව විවෘත කොට පළමු වතාවට එක් වාන්දොරටුවක් විවෘත කළේය.