ඉඹුල්පේ ප්‍රා.සබේත් අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි


සම්පත් ප්‍රියනන්දන
 

ඉඹුල්පේ   ප්‍රාදේශීය   සභාවේ  2019  වර්ෂය  සඳහා  යෝජිත අයවැය   අද (7)    වැඩි  ජන්ද 13  සම්මත  විය.

ප්‍රාදේශීය   සභාවේ  සභාපති  ශ්‍රී   ලාල්   සෙනරත්   මහතා  විසින්   ලබන   වසර   සඳහා  අයවැය වාර්තා සභාවට ඉදිරිපත්  කළේය.

අයවැයට  පක්ෂව  ඡන්ද   14  ලැබුණු   අතර  විපක්ෂව  ලැබුණේ   01  ජන්දයක් පමණි.

මන්ත්‍රීවරුන්  දෙදෙනෙකු  අයවැය  ඉදිරිපත්  කළ දිනයේ  සභාවට  පැමිණ    නොසිටි   අතර   අයවැයට ඡන්දය   ලබාදෙන  අවස්ථාවේදී   එක්සත්   ජාතික   පක්ෂයේ  මන්ත්‍රීවරු  හයදෙනා  සහ  ශ්‍රී  ලංකා   නිදහස්  පක්ෂයේ   මන්ත්‍රීවරු දෙදෙනෙක්  සභා  ගර්භයේ  රැදී  සිටියේ  නැත.