ඉබ්බෙකු මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට


ඔගස්ටින් ප්‍රනාන්දු 
 
හලාවත  මානුවන්ගම ප්‍රදේශයේ දි ගල් ඉබ්බෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු එම ඉබි මස් සමග අද ( 4  ) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
 
හදිසියේ ලද තොරතුරක් මත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් වෙත ලද තොරතුරක් මත නිලධාරින් පිරිස මානුවන්ගම ප්‍රදේශයට ගිය විට සැකකරු ඉබ්බා මරා මස් කරමින් සිටි බව  කියයි. 
 
මෙම ඉබ්බා කිලෝ තුනක පමණ බරකින් යුතු බවත් සැකකරු මානුවන්ගම ප්‍රදේශයේ පදිංචි 46 වියැති අයෙකු බව පොලිසිය පවසයි. 
 
සැකකරු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.