ඉපලෝගමින් ඇල්ලු කිඹුලා ජලාශයකට මුදා හැරේ



(කුෂාන් ජයවර්ධන)


ඉපලෝගම මහඉලුප්පල්ලම ප‍්‍රදේශයේ නිවසක් අසළට පැමිණ සිටියදී අල්ලා ගත් හැල කිඹුලකු නිරුපද්‍රිතව යළි රක්ෂිතයක පිහිටි ජලාශයකට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද( 13) කටයුතු  කළේය.


මහ ඉලූප්පල්ලම ප‍්‍රදේශයේ නිවසක් අසළ වූ ගවගාලකට පැමිණ සිටියදී එම හැලකිඹුලා අල්ලා ගැනීමට එම ප‍්‍රදේශවාසීන් ඊයෙ රාත‍්‍රී 10.00ට පමණ කටයුතු කර තිබිණි.

ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන සිටි හොදින් වැඩුණු එම හැල කිඹුලාගේ දිග අඩි 09ක් පමණ වේ. 


කිඹුලා අල්ලාගැනීමෙන් පසු ඒ බැව් ගනේවල්පොල වනජීවී කාර්යාලයට දීමෙන් පසු  ක‍්‍රියාත්මකව තිබූ ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ  ඊයේ 12 මධ්‍යම රාත‍්‍රීයේ ම අදාල හැලකිඹුලා සිය භාරයට ගැනීමට ගනේවල්පොල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීහු පියවර ගෙන තිබිණ.