ඉන්දීය ගුවන් හමුදා පෙරහුරුවෙන් හැටන්හි නිවාස වලට හානි


( රංජිත් රාජපක්‍ෂ )

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කදුරට සංචාරය වෙනුවෙන් ඉන්දිය ගුවන් හමුදාවට අයත් එමි. අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට අද (09) දිනයේ කළ පුහුණුවීම්වලදි ක්‍රීඩාංගණය අසල සමනළගම ප‍්‍රදේශයේ නිවාස පහක සෙවිලි තහඩුවලට අලාභහානි වී ඇතැයි එම නිවැසියන් හැටන් පොලිසියට පැමිණීළි කර තිබේ.

වහල මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් පොලිසියට පැවසු බව හැටන් පොලිසියේ නිළධාරියෙක් පැවසීය.  මෙවැනි පෙර හුරුවක් ඉදිරි දින දෙක තුලදි ද සිදු කිරිමට නියමිතය.