ඉන්දියාවේ සිට හොරෙන් ගෙන ආ ග්ලයිෆොසෙට් කිලෝ 582 ස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


(  සිතුම් චතුරංග)


ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනආ තහනම් කෘමිනාශකයක් වන ඇමෝනියා සල්ෆේට් නොහොත් ග්ලයිෆොසේට් කිලෝ 582 සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි.


මෙම ග්ලයිෆොසේට් තොගය මන්නාරම සිට කොළඹ දක්වා සුඛෝපභෝගී වෑන් රථයකින් රැගෙන යමින් සිට ඇති අතර සෙට්ටිකුලම රථවාහන ‍පොලිසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී අදාළ ග්ලයිෆොසේට් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවටගැනීමට හැකිවූ බව පැවසීය.


ඉන්දියා‍වේ සිට ධීවර බෝට්ටු මගින් මෙලෙස ගෙන ආ ග්ල‍‍යිෆෝසේට් තොගය පොහොර මලු  දහයක් තුළ  අසුරා තිබූ බවද සඳහන් කළේය.


පොලිසිය පැවසූයේ අත්අඩංගුවටගත් ග්ලයිෆොසෙට් කැට අඩංගු ග්‍රෑම් 500 ප්‍රමාණයෙන් යුත් කුඩා පැකට් විශාල ප්‍රමාණයක් තිබූ බවයි.


ගොවීන් වෙත ඉහල මිළ ගණන් යටතේ අලෙවිකිරීම සදහා මෙලෙස ග්ලයිෆොසෙට් කොළඹට රැගෙනයන බවද පැවසීය.     

      
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබුණි.