(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරළ ගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කරන ප්‍රබල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරළ ගංජා තොගයක් ද සමග අද (27) වන්නි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 20 ත් වයස්වල පසුවන පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
වන්නි යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසකගේද සහභාගීත්වයෙන්, වවුනියාව අල්ෆානගර් ප්‍රදේශයේදී උපාය දූතයෙකු මාර්ගයෙන් සෝදිසි කර වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් ද හමුදා බුද්ධි අංශ නිලධාරීහු සිය බාරයට ගත්හ.
ඉන්දියාවේ සිට ගෙනෙන කේරළ ගංජා වවුනියාවේ ළිඳක් ආසන්නයේ වලක සඟවා තබාගෙන, විටින්විට බෙදාහැර ඇති අතර, එම ජාවාරම දිගුකලක පටන් සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව පොලීසියට බාරදීමට වන්නි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පියවර ගත්හ.