ඉතාලියේ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට


  (චන්දන ්‍රනාන්දු ඉතාලියේ සිට)                           
ඉතාලියේ වෙරොනා නගර ආසන්නයේ පිහිටි මාර්ගයක ඊයේ (21) දහවල්  සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක මියගොස් තිබේ.                             

මෙලෙස මියගොස් ඇත්තේ වෙරොනා නුවර රැකියාව කරන ශ්‍රී ලංකාවේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි තුෂාර සංජීව පෙරේරා  නැමති 40හැවිරිදි විවාහකයෙකි.

අනතුරෙන් මියගිය ශ්‍රී ලාංකිකයා පැදවූ වාහනය අධිවේගි මාර්ගයේදි යම් දෝෂයක් නිසා හදිසියේ නතරවීම හේතුවෙන් එයින් බැසයාමේදී පිටුපසින් ආ වාහනයක හැපී මෙම අනතුර සිදුව ඇති බවට වෙරොනා රථවාහන පොලිසිය සඳහන් කරයි.                                                          

අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි ශ්‍රී ලාංකිකයාව හදිසි ගිලන් රථ සේවය මගින් වෙරොනා බොර්ගො ට්‍රෙන්තෝ රෝහලට ඇතුල් කර ඇති අතර එහිදි මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.                                                  

අනතුර සම්බන්ධයෙන් වෙරොනා පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.