ඉංගිරියේ ඇළක මළ සිරුරක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිමාලි කහවල)


ඉංගිරිය ඇළබඩ මාර්ගයේ කටහයේ බෝක්කු ඇළෙහි ගිලී තිබී අරක්කැමියකුගේ මළ සිරුරක් අද (13) පෙරවරුවේ හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි.

මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් තිබුණේ ඉංගිරිය ඇළබඩ පාර අංක 905 ලිපිනයේ පදිංචිව සිටි සුසන්ත දිනේෂ් කුමාර නමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

ඊයේ (12) සවස 3.30ට පමණ මෙම පුද්ගලයා බිරිඳ හා දරුවෙකු සමඟ කටහයේ බෝක්කු ඇළෙහි දිය නෑම සඳහා නිවසින් පැමිණ, මිතුරෙකු හමු වීම සඳහා ඔහුගේ නිවසට යන බව පවසා පිටත්ව ගොස් තිබූ බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.