ඇළට වැටුණු දරුවා මරුට


නිශාන්ත කුමාර
 
කන්දකැටිය ප්‍රදේශයේ  දී අද (07) දහවල්    ඇළකට වැටී ගසාගෙන ගිය දරුවෙකු  රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
 
 සිද්ධියෙන් ජීවිතක්ෂයට   පත්ව ඇත්තේ කන්දකැටිය බුබුල ප්‍රදේශයේ එච් පී ඩී සදෙව් නැමැති වයස අවුරුදු  එක හමාරක  දරුවෙකි.
 
 නිවැසියන්ගේ ග්‍රහණයෙන් මිදුණූ දරුවා ඇළ මාර්ගයට වැටී ගසාගෙන ගොස් ඇති අතර දරුවා නිවසේ නොමැතිබව දැනගත් ඔහුගේ ඥාතීහු පසුව කළ සොයාබැලීමකදී ඇල මාර්ගයේ ගසාගෙන යමින් සිටි දරුවා ගොඩ ගෙන කන්දෙකැටිය රෝහලට ඇතුළත් කර ඇත.
 
කෙසේ වෙතත් මූලික ප්‍රතිකාර වලින් පසුව දරුවා බදුල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඔහු එහිදී මිය ගොස් තිබේ.