(ශාන්ත චන්ද්‍රසිරි)
දිඹුල- පතන පොලිස් වසමට අයත් ක්වින්ස්බේරී වත්තේ පහළ කොටසේ ක්වින්ස්බේරී ඔයේ ජලයේ රැඳී තිබියදී පුද්ගල මළ සිරුරක් අද (07) සොයා ගත් බව දිඹුල-පතන පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ක්වින්ස්බේරී වත්තේ පහළ කොටසේ පදිංචිව සිටි නඩේෂන් ආරික්‍රිෂ්ණන් (38) හැවිරිදි වතුකම්කරුකි.
මෙම පුද්ගලයා දීපවාලි උත්සවය පැවැති ඊයේ (06) සිට නිවසින් අතුරුදහන්ව සිටි බව මියගිය අයගේ ඥාතීන් විසින් පොලිසියට පවසා තිබේ.
මියගිය පුද්ගලයාගේ මල සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නාවලපිටිය මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.