ඇල්ලෝවිට වෙල් යාය සුරැකීමට වසන්තගෙන් උත්සාහයක්


(කටුනායක ටී.කේ.ජී.කපිල )


 කටුනායක මඩවල , ඇල්ලෝවිට වෙල් යාය කළක සිටිම පුරන්ව පවතින අතර , පිටස්තර පුද්ගලයින් මෙහි කුණු දැමීම නිසා මෙම මග දෙපස දැඩි ලෙස අපවිත්‍රව පවතී.


මෙයට පිළියමක් ලෙස මෙම මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍ර කර , වටිනා ගස් සිටුවා , මෙම කුඹුරු යායේ බක්මී ගසක් පාමුල සිය මිනිබිරියගේ නව වැනි උපන් දිනය සැමරීමට ප්‍රදේශයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරියෙකු මෙන්ම, සම්මානනීය කාව්‍ය සහ කෙටිකතා රචකයෙකු වූ මඩවල වසන්ත මහතා අද (20)  උදෑසන ප්‍රදේශවාසීන් ද සහභාගි කරගනිමින් කටයුතු කළේය .

කුඹුක් , අඹ , නා , මී සහ ගොරකා පැළ මෙම ප්‍රදේශයේ මග දෙපස එදින සිට වූ අතර , ඉන් පසුව කිරිබත් , අග්ගලා , කෙසෙල් සහ බෙලිමල් වලින් පැමිණ සිටි ප්‍රදේශවාසීන් ට සංග්‍රහ කිරීමට වසන්ත මහතා කටයුතු කළේය.

රංසි තත්සරණි නම් වූ මෙම මිනිබිරිය දැනට කළහුගොඩ, මඩවල ඒකාබද්ධ පාසැලේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .

 මඩවල වසන්ත කළක් කටාන ප්‍රාදේශීය සභාව නියෝජනය කළ සහ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වන අතර, දැනට විශ්‍රාම සුවයෙන් පසුවන්නෙකි .