ඇල්ල ප‍්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි


(ඞී.කේ.රත්න)

ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයේ අයවැය වාර්තාව අද (7) දෙවන වරට සභාවේ මාසික සභා වාරයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි ඡන්ද දොලහකින් සම්මත විය.

ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා විසින් මෙම අයවැය වාර්තාව මාසික මහ සභාවට ඉදිරිපත් කර විවාදයට ගැනීමෙන් පසු සිදු කළ විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13 ක් සහ අයවැයට විපක්ෂව ඡන්ද එකක් ලැබුණු අතර ඇල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් වැඩි ඡන්ද 12කින් මෙම අයවැය වාර්තාව සම්මත විය.

ඇල්ල ප‍්‍රදේශීය සභාවේ එක්සත් ජනතා සන්ධාන මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු ,  එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු සහ ස්වාධීන මන්ත‍්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා අයවැයට විපක්ෂව ඡන්දය ලබා දුන්නහ.

ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත් දෙනාම මෙම අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටියහ.