ඇල්ල පාරේ සැක කටයුතු පාර්සලයක්


( විජේරත්න රත්නායක )
 
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයෙන් හැරෙන කුඹල්වෙල - ඇල්ල මාර්ගයේ බෝක්කුව ආසන්නයේ යම් කිසිවෙකු විසින් දමා ගොස් තිබූ සැක කටයුතු බෑගයක් අද (26) පස්වරුවේ දී සොයා ගනු ලැබීය.

මේ හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනය ඇණහිට පැවතුණු  බව පොලිසිය කියයි. 

මාර්ගයේ යමින් සිටි විදේශික යුවළක් මෙම බෑගය දැක ඒ පිළිබඳව ඇල්ල පොලීසියට දන්වා තිබේ.

ඇල්ල පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් දියතලාව යුද හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට දන්වා ඇති අතර එම නිළධාරීන් පැමිණ පරීක්ෂා කෙරෙන තෙක් ඇල්ල පොලීසිය විසින් මාර්ගයේ වාහන ධාවනය නතර කළ බව පොලිසිය සඳහන් කරයි.