( ප්‍රසන්න පත්මසිරි)
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිළධාරීයාගේ කනට පහරදී එහි තිබු ලී භාණ්ඩ තොගයක් පැහැරගැනීම සම්බන්දව චෝදනා ලබා සිටින ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි කියමින්ඌව පළාතේ පළාත් සභාවේ හා රජයේ ආයතන වල නිලධාරීහු අද ( 06) වර්ජනයක් ඇරැඹුහ.
සංවර්ධන නිළධාරීන්,කළමණාකරන සහකාර නිළධාරීන්,ඇතුළු නියලුම නිළතල වල සිටින නිළධාරීන් පළාත් සභාව ඉදිරිපිටදී දවල් කෑම පැයේදී මෙම උද්ඝෝෂණය කළහ.
ඇල්ල සභාපතිවරයාගෙන් පහරකෑමට ලක්වු ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිළධාරී ඉංදික සෙනවිරත්න යන අයගේ කර්ණපඨලයට බරපතල හානි සිදුවීම නිසා ඔහු බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කියයි.
නිලධාරීයාගේ කනට පහරදුන් බව කියන සභාපතිවරයා දින හතරක් යන තෙක් අත් අඩංගුවට ගෙන නැතැයි උද්ඝෝෂකයෝ ඇල්ල පොලීසියටද චෝදනා නගති.