ඇමරිකානු තානාපති ගාල්ලේ නිල සංචාරයක


(සිරංගිකා ලොකුකරවිට)

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඊයේ(09) ගාල්ල නගරයේ සංචාරයක නිරත විය. උදෑසන ගාල්ල නගරයට පැමිණි ඒ මහතා ශ්‍රි ලංකාවේ ප්‍රථම ඇමරිකානු තනාපති ලෙස කටයුතු කල ජෝන් බ්ලැක් මහතාගේ සොහොන පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමිය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වන ලදී.

අතුල් කේෂප් මහතා ගාල්ල කොටුව ඕලන්ද රෙපරමාදු දේවස්ථානය හා මීරා ජුම්මා පල්ලියේ සංචාරයක ද නිරත විය. 

සන්ධ්‍යාවේ ගාල්ල කොටුව උසාවිය අසල මහජන පරිශ්‍රයේ පැවති ඇමරිකානු නාවික හමුදා සංගීත කණ්ඩායම හා ශ්‍රි ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායම එක්ව ඉදිරිපත් කල සංගීත සංදර්ශනය නැරඹිමට ද සහභාගී විය. 

මෙම අවස්ථාව සඳහා විදේශීය සංචාරයකයින්, ඇමරිකානු හා ශ්‍රිලංකා නාවික හමුදා සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.