ඇමති ආරක්ෂක අංශ නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් පොලිස් දැලේ


(කුෂාන් ජයවර්ධන)  

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලබන අපේක්ෂකයකුගේ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සුඛෝපබෝගී ජීප්රථයකින් ගමන් කරමින් සිටි බව කියන ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ රියැදුරු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
 
ජීප් රථයේ අපේක්ෂකයාගේ මනාප අංකය, පක්ෂ සලකුණ ඇතුළත් ස්ටිකර අලවා තිබූ  බව පොලිසිය කියයි.
 
අපේක්ෂකයා නොමැතිව මනාප අංක හා පක්ෂ සලකුණු ප්‍රදර්ශනය කරමින් නීති විරෝධී අයුරින් ධාවනය කර ඇති එම ජීප් රථය කැකිරාව ගනේවල්පොළ ප්‍රදේශයේ දී  පොලිසිය බාරයට ගෙන ඇත.
 
සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.