ඇදිරි නීතිය කඩ කළ 14 ක් යක්කලමුල්ලේදී අත්අඩංගුවට


 (ජේ.කේ.එල්.චාමින්ද)

ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 14 දෙනෙකු, ත්‍රි රෝද රථ තුනක් හා යතුරුපැදියක් සමඟ යක්කලමුල්ල නගරයේ දි අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
 
ඇදිරි නිතිය පවතින අවස්ථාවේ එක් ත්‍රි රෝද රථයක 05 දෙනෙකු ගමන් කර  ඇති අතර ඔවුන් වත්තක් ශුද්ධ කිරීම සදහා යන බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදි පවසා ඇත. 
 
තවත් පුද්ගලයින් පස්දනෙකු  මාතර සිට නාගොඩ බලා යමින් සිටියදි පොලිසියට කොටු වී ඇත. ඔවුන් ප්‍රකාශකොට ඇත්තේ මංගල උත්සවයකට සහභාගි වී  යළි  නිවස බලා යමින් සිටින බවය.

අනික් ත්‍රි රෝද රථයේ  තිදෙනෙකු ගමන්කර  ඇති අතර ඔවුන් මළ ගෙදරක යන බව පොලිසියට පවසා ඇත.
 
 යතුරුපැදිකරු  මළ ගෙදරක සිට කාඩ්කුට්ටමක් ගෙන ඒමට යමින් සිටියදි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබද බුද්ධි අංශ නිලධාරින් විසින් පරික්ෂණ ආරම්භකර ඇති බැව් පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.