වජිර ප්‍රසන්න
දෙහිඅත්තකණ්ඩියේ සිට පැලෑටියාව දක්වා ඇගළුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් අද (20) සිරිපුර, නවපල්ලේගමදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුරක් සිදුවී ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට පත්වී ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් රැගෙන ගිය බස් රථයකි.
මෙම අනතුරින් 19 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුලත්කර ඇත.මෙම රෝගීන් ගෙන් බරපතල තත්ත්වයේ පසුවූ අට දෙනෙක් අම්පාර,බදුල්ල,මඩකලපුව,පෙළොන්නරුව සහ අනුරාධපුර මහ රෝහල් වලට දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා මාරු කළ බව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මහේෂ් දහනායක මහතා පැවසීය.
සුළු තුවාල ලද අය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.