(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් අද (26) දින උනවටුන, හබරාදුව සහ අහංගම යන නගරවල සංචාරක හෝටල්, භෝජනාගාර, වෙළඳසැල්හි සිදුකල පරික්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවිය, ශිතකරණවල මස්මාංශ සමග අයිස් ක්‍රීම් අසුරා තැබීම,පරිශ්‍ර අපිරිසිදුව තබා ගැනීම සහ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කිරීම යන වැරදී සම්බන්ධයෙන් සංචාරක හෝටල් හතරක් සමගින් භෝජනාගාර සහ වෙළඳසැල් 13 ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ශිතකරණවල මස්මාංශ සමග අයිස් ක්‍රීම් අසුරා තිබූ සහ කල් ඉකුත් වූ ආහාර සහිත වූ ආහාර පණත උල්ලංඝනය කිරීමේ වැරදි සම්බන්ධයෙන් නඩු පවරා ඇත්තේ හබරාදුවේ සහ උනවටුනේ පිහිටි සංචාරක හෝටල් හතරක් සඳහාය.
මෙම වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 15 දෙනෙකු සහභාගි වූහ.