ලලිත් නවරත්න
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පසුගිය සැසිවාරයේ ලේකම්වරයාට එරෙහිව ගෙනෙන ලද දෝෂාභියෝග යෝජනාව සහ ඒ හා සම්බන්ධ දූෂණ පිළිබඳව පරීක්ෂණ නොකිරීමට එරෙහිව අද (29) පොදුජන පෙරමුණ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු සභාව මධ්‍යයේ බිම වාඩිවී සභාව පවත්වාගෙන යාමට ඉඩ නොදී උද්ඝෝෂණයක නිරතවූහ.
පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 08 දෙනෙකු සහ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු මේ සඳහා එක්ව සිටියහ.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා උඩුකය නිරුවත් කරමින් ද, නිලංක දේවේන්ද්‍ර පෙරේරා සහ චමින්ද නිරෝෂ් යන මන්ත්‍රීවරුන් සභාව මැද වාඩිවී කෑගසිමින් ද විරෝධය පාන්නට වූ අතර සෙසු පිරිස සිය ආසනවලින් නැගිට උද්ඝෝෂණයට එක්වූහ.