කිර්ති ප්‍රනාන්දු
ආරක්ෂක හිස්වැසුම් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරුපැදි වලින් පාසල් දරුවන් රැගෙන ගිය මව්පියන් 30 දෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙම දරුවන් වයස අවුරුදු 6ත් 13ත් අතර වයසේ පසු වෙති. මෙසේ යතුරුපැදි වලින් දරුවන් රැගෙන ගිය මව්පියන් කිහිප දෙනෙකුගේ රියදුරු බලපත්‍ර ද නොමැති බව පොලිසිය කියයි.

