ආනයනික විදේශීය අර්තාපල් නිසා දේශිය ගොවියා අනතුරේ


ඞී.කේ.රත්න
 
මහ කන්නයේ වගා කරන ලද අර්තාපල් අස්වනු මේ වන විට වෙළදපොලට පැමිණෙන නමුත් අර්තාපල් මිල විශාල ලෙස පහත වැටීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇතයි බදුල්ල දිස්ත‍්‍රික්කයේ අර්තාපල් ගොවිහු පවසති.
 
වැලිමඩ , ඌව පරණගම , කැප්පෙටිපොල , ඇටම්පිටිය , බෝගහකුඹුර , බොරලන්ද , බණ්ඩාරවෙල සහ වංගියකුඹුර ආදි දේශිය අර්තාපල් වගා කරන ප‍්‍රදේශවල මහ කන්නයේ වගා කරන ලද අර්තාපල් අස්වනු වෙළද පොලට පැමිණිම මේ වන විට ආරම්භ වි ඇතත්  මේ වන විටත් ආනයනික විදේශීය අර්තාපල් තොග විශාල ලෙස වෙළද පොළට පැමිණිම නිසා තම දේශිය අර්තාපල් අස්වනු විකුණා ගැනිමට නොහැකිවී ඇතැයි මෙම ගොවිහු කියති. 
 
විශාල මුදලක් වැයකර තමන් වගා කරන ලද අර්තාපල් අස්වනු කැප්පෙට්පොල ආර්ථික වෙළද මධ්‍යස්ථානයට හා බණ්ඩාරවෙල එළවලූ තොගවෙළද පොලට රැගෙන එන නමුත් ආනයනින විදේශීය අර්තාපල් නිසා තම අර්තාපල් කිලෝවක් රුපියල් පනහක මුදලකටවත් අලවි කර ගැනීමට නොහැකිවීම නිසා ගොවි ජනතාව මෙම තත්ත්වයට පත්වී ඇත.
 
එම නිසා ආනයනික අර්තාපල් සඳහා ආනයනික බදු වැඩි කර දේශීය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් නියම කර අර්තාපල් ගොවියා රැක ගැනීමට කටයුතු කරන්නයි බදුල්ල දිස්ත‍්‍රික්කයේ අර්තාපල් ගොවීහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.