(හේමලතා ඩී. හේවගේ)
ළමා නිවාසවලට හා විහාරස්ථාන වලට ආධාර එකතු කරන මුවාවෙන් හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු මත්කුඩු සමඟ කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් කඹුරාපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමඟ සියලු නඩු භාණ්ඩ අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ළඟ තිබී ආධාර මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ව්‍යාජ ටිකට් පොත් රැසක් මත් කුඩු මිලිග්‍රෑම් 620 ක් සොයාගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිපොළ, කනතලව නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවත්, මීට පෙරත් මත්කුඩු ලඟ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අයෙකු බවද පොලීසිය කියයි.
කුලියාපිටිය කොට්ඨාසභාර පොලිස් අධිකාරි රෝෂාන් හේවාවිතාරණ සහ පොලිස් අධිකාරි ගාමිර්‍ණ මීගහකුඹුර යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෝමතිලක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගි වූහ.