(සුජිත් හේවාජූලිගේ)
අලුත් ආණ්ඩුවකට සහය පළ කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හෙට (05) කොළඹට පැමිණෙන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
පාර්ලිමේන්තු වටරවුම අසළින් හෙට දහවල් 12.00ට ඇරැඹෙන මෙම උද්ඝෝෂණයට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි කී ප්‍රේමජයන්ත මහතා සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් නොවන ආකාරයට උද්ඝෝෂණය පවත්වන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට සහභාගී වන්නැයි රටට ආදරය කරන සියලු ජනතාවට ආරාධනා කරන බවද ඔහු කීය.
ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව දැනුම්දීම සඳහා අගමැති කාර්යාලයේදී අද (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

