ආණමඩුවේ පොල් වගාවක් වල් අලි රංචුවක් වනසයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොතලකෙමියාව ඉහළවැව ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න පොල් වගාවකට අද (4) කඩා වැඳුන වල් අලි රංචුවක් පොල් වගාව වනසා දමා ඇති බව ඉඩමේ හිමිකරු කියයි.

පසුගිය දිනවල පැවති දැඩි නියං සමයේදී  පවා ජලය දමමින් ආරක්ෂා කර ගත් වයස අවුරුදු තුනකට ආසන්න පොල් ගස් 100 කට ආසන්න ප්‍රමාණයක් වල් අලි රංචුව මෙසේ වනසා ඇති බව කියයි.

ඉඩමේ හිමිකරු පවසන්නේ නැවත වගාව ආරම්භ කිරීමට තමන්ගේ ආර්ථීකය ශක්තිමත් නැති බවත් රජය මේ වන විට ලබා දෙන වන්දි කිසිදු අයුරකින් ප්‍රමාණවත් නැති බවත්ය.