ආණමඩුව ප්‍රා. සභා කාර්යාලය වසා දමයි



(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වන නිලධාරියකු අද( 22 ) සේවයට පැමිණීමත් සමග ආණමඩුව ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසයි.
 
ගල්ගමුව ප්‍රදේශයේ සිට පැමිණෙන නිලධාරියකු, අනතුරකට ලක්වු සිය මිතුරෙකු රෝහල් ගත කි‍රීමට ගොස් තිබිණි. අනතුරට ලක්වු තැනැත්තා ජෛව පටල සාම්පල පරීක්ෂාවකට යොමුකිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයතු බවට අද (22) සනාථ වී තිබිණි.
 
එම නිලධාරියා ආසාධිතයා සමග සෘජු සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාව සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක්කිරීමට සභාපතිවරයා කටයුතු කළේය.
 
ප්‍රාදේශීය සභාවේ අනෙක් නිලධාරින් නිවෙස් වෙත යැවීමට කටයුතු කර, නැවත ආණමඩුව ප්‍රාදේශීය සභාව යලි 25 වැනි දින විවෘත කරන බව සභාපතිවයා පැවසුවේය.