ආගරපතනේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට


රංජිත් රාජපක්ෂ
 
කුලියාපිටියේ සිට හැටන් පෝඩයිස් මාර්ගය හරහා ආගරපතන දක්වා ධාවනය වු මෝටර් රථයක් අද (2) මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී ඇතැයි හැටන් පොලිසිය කියයි.

මෝටර් රථය වංගුවක් ගැනීමේ දී මෝටර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ පහතින් වු මෝටර් රථය පසුකරගෙන ගිය එම මාර්ගයටම මෝටර් රථය පෙරලී තිබේ.

එම මාර්ගය අධික වංගු සහ කදුබැවුම් සහිත නිසා එම මාර්ගයේ වාහන ධාවනය කිරිමේ දී ඉතා සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන් දැනුවත් කර ඇත. 

මෙර්ටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති  බවත් අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ සිදු වී ඇති බව පොලිසිය පවසයි.