(රංජිත් රාජපක්ෂ)
පැවති පළාත් පාලන ආයතන මැතිවරණය පසු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීම සඳහා පැවැති විවෘත ඡන්දයකින් අනතුරුව සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ සුප්පිරමණියමි කදිර්සෙල්වන් මහතා තේරීපත්විය.
උප සභාපතිවරයා ලෙස තේරී පත් වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වි.එමි ජයලත් විජේතුංග මහතාය.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) ලිදුල නාගසේන මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි මෙම සභාපතිවරයා තේරීමේ ජන්දය පැවැත්විණි.
පාලන කොමසාරිස්වරයා විසින් විවෘත ජන්දයක්ද රහස් ජන්දයක්ද යන්න පිළිබදව සභිකයින්ගෙන් විවෘතව අදහස් ලබාගැනිමෙන් පසු මෙම ඡන්ද පැවැත් විය.
ආගරපතන ප‍්‍රාදේශිය සභාව මන්ති‍්‍රධුර පහළොවකින් සමන්විත වන අතර ඒ සදහා ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් සභිකයන් 7ක් එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 6ක් ස්වාධින 1ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීධුරයකින් සමන්විත වේ.