රංජිත් රාජපක්ෂ
ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡාව අද (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම නිසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
2019 වර්ෂය සඳහා එම ප්‍රාදේශීය සභාවේ අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡා කිරිම සඳහා එම සභාවේ සභාපති එස්.කදිර්සෙල්වම් මහතා විසින් සියළුම මන්ත්‍රීවරුන්ට අද සභාපති පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.
පාලන පක්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සභාවට නොපැමිණි බව එම සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය වි.සිවනාදන් මහතා පැවසීය.
සභාපතිවරයා නොපැමිණිම නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු එක් වී යෝජනාවක් සම්මත කරගනිමින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩබ්ලිව්.ජි.ජයලත් විජේතුංග මහතා එම සභාවේ ස්ථිර සභාපතිවරයා වශයෙන් පත් කරගනිමින් ඒ සඳහා වු අත්සන් සහිත ලිපියක් පළාත් පාලන කොමසාරිවරයා වෙත යොමු කිරිම සඳහා එම සභාවේ ලේකම් සි.ජයප්‍රකාශ් මහතාට සභා රැස්විම් ශාලාවේදී බාරදෙනු ලැබීය.