අ’පුරේ ගෙවල් වලට වල් අලි කඩා වදිති


(දයාරත්න ඇඹෝගම සහ උපුල් තම්මිට)

අනුරාධපුර නගරයේ තුන්වන පියවරට අද (6) උදැසන සද්ධන්ත වන අලියන් දෙදෙනෙකු පැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි නොසුන්සුන් තත්වයට පත්විය.

නාච්චාදුව වන රක්ෂිතයේ සිට විජයපුරටත් පසුව අනුරාධපුර නගරයේ තුන්වන පියවරේ ප්‍රතිභා ක්‍රිඩාංගණයටත් කඩා වැදුණු මෙම සද්ධන්ත වන අලි දෙදෙනා තුන්වන පියවරේ නිවාසයක ගෙවත්තට ඇතුළු වීමෙන් මෙම කලබලය ඇතිවිය.

මෙහිදි ප්‍රදේශවාසින්ගේ කැකෝ ගැසිම හඬ හේතුවෙන් කලබලයට පත් වන අලින් නිවාස කිහිපයක තාප්ප ද කඩා දමා තිබේ.

අනුරාධපුර වනජිවි නිලධාරින් සහ පොලිස් නිලධාරින් පැමිණ අලි වෙඩි දමා පලවා හැරිමෙන් පසුව ඔවුන් තුන්වන පියවරේ සිට විජයපුර විහාරස්ථානය ආසන්නයේ ගෙවත්තකට ඇතුළු වී ඇත.

දිවා කාලයේ මෙම වන අලින් දෙදෙනා ආපසු රක්ෂිතයට පලවා හැරිමට අපහසුව ඇතැයි වනජිවි නිලධාරින් පැවසිය. එම නිසා මෙම වන අලින් රාත්‍රි කාලයේ එම ස්ථානයෙන් පලවා හැරිමට තිරණය කර ඇති බවද වනජිවි නිලධාරිහු පැවසුහ.

ඒ අනුව වන අලින් දෙදෙනා රැදි සිටින එම ප්‍රදේශයට වනජිවි නිලධාරින් සහ පොලිසිය එක්ව ආරක්ෂාව තර කර තිබිණි.