(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විද්‍යාලයක ගුරුවරයකුට එම විද්‍යාලයේ සිසුවියකගේ පියෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියකට අද (3) පාසල් ගුරුවරු පනහකට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව සිය විරෝධය පළකර සිටියේය.
මෙම විද්‍යාලයේ සේවය කරන රිම්සි ඛාන් නැමති පාසල් ගුරැවරයකුට මෙසේ සිසුවියෙකුගේ පියෙකු පෙරේදා (2) රාත්‍රී කාලයේදී නේවාසිකාගාරයට පැමිණ පහරදී ඇතැයි එම විදුහලේ විදුහල්පති ජවුපර් මහතා මේ පිළිබඳව කළ විමසීමේදී පැවසීය.
පාසලේදී මෙම සිසුවිය ඇතුළු සිසු සිසුවියන් කිහිප දෙනෙකුට මෙම ගුරුවරයා අවවාද කර ඇති අතර මින් කෝපයට පත්වු සිසුවිය සිද්ධිය තම පියාට සැළකිරිමෙන් පසුව පියා විසින් පාසලට පැමිණ ගුරුවරයාට පහරදී තිබේ.
මෙම පහර දීම සම්බන්ධයෙන් එම ගුරුවරයා පොලිසියට පැමිණිලි කළද ඔහු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් ගුරුවරු අද (3) මෙසේ සිය විරෝධය පල කර තිබිණි.