අ’පුරේ උෂ්ණත්වය ඉහළට



 
 
(දයාරත්න ඇඹෝගම)

වසර ගණනාවකට පසු අප්‍රේල් මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි උණුසුම් කාලගුණයක් හටගෙන තිබේ.

සාමන්‍ය වශයෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32  ක මට්ටමේ පැවතියද මේ අප්‍රේල් මාසයේ එය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ ගොස් ඇත.

පිළිවෙළින් කහටගස්දිගිලිය, අනුරාධපුරය, රැඹෑව, මැදවච්චිය  යන නගරවල මේ දිනවල සෙල්සියස් අංශක 39,37,36,33, ක උෂ්ණත්වයක් පවතියි.

මෙම දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජනතාවට දැඩි ආසාදන තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවී තිබේ. 

කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා මෙම උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව පවතින බව අනුරාධපුර නගරවාසිහු පවසති.