(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසු සිසුවියන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (7) සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.
විශ්ව විද්‍යාලය තුළ සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ පහසුකම් නොමැතිවිම,උපාධිය වෙනුවට ඩිපලෝමාවක් ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙලෙස උපවාසයේ නිරතව වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ඉමේෂ් බණ්ඩාරනායක සිසුවා මෙසේ පැවසීය.
මෙම ආයතනයේ සිසුන් 850 ක් අධ්‍යාපනය ලබනවා. එහෙත් ප්‍රමාණවත් තරම් ගොඩනැගිලි පහසුකම් නැහැ. මහපොල ශිෂ්‍යධාර නැහැ. නේවාසික පහසුකම් නැහැ. අපට මුලින් කියුවේ උපාධියක් දෙනවා කියලා. දැන් දෙන්න යන්නේ ඩිප්ලෝමාවක්.
එම නිසා අපට සාධාරණයක් ඉටුවන තුරු පන්ති වර්ජනය කරනවා. ඒ වාගේම අපි අඛණ්ඩ උපවාසයක් කරනවා. අපේ ඉල්ලීම් දිනාගන්නා තුරුම. මේ වන විට කුලියාපිටිය, බටන්ගල, රත්මලාන, මාතර සහ යාපනයේ විශ්ව විද්‍යාල විද්‍යායතනවල සිසුන් ද මේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පන්ති වර්ජනයේ නිරතවී සිටී.