අ’පුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු වහලයට නැග විරෝධය දක්වති


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුසිසුවියෝ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(10) එම  විද්‍යායතනයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 
 
විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට අධ්‍යයනයට පහසුකම් නොමැතිවීම, උපාධිය වෙනුවට ඩිපලෝමාවක් ලබාදීම, මහපොළ ශිෂ්‍යාධාර ලබා නොදීම යන කරුණුවලට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.
 
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසු සිසුවියෝ පසුගිය 07වැනි දින සිට මේ දක්වාම පංතිවර්ජනය කරමින් අඛණඩ උපවාසයකද නිරතව සිටිති.
 
තම ඉල්ලීම් කඩිනමින් ඉටු කරන ලෙස ඉල්ලා සිසුන් 40කට අධික පිරිසක් මීට එක්ව සිටි අතර ඇතැම් සිසුහු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවූහ.